වත්මන් අග්‍රාමාත්‍යවරිය විදේශ සංචාර සඳහා රටේ ඩොලර් විශාල වශයෙන් වියදම් කරමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා චෝදනා කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ, අතීතයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය වැනි අග්‍රාමාත්‍යවරියන් ඉතා පිළිවෙළකට සහ වැදගත් අයුරින් ඇඳුම් පැළඳුම් ඇඳ පැළඳ විදේශගත වූ ආකාරය පෙන්වන වීඩියෝ සහ ඡායාරූප පවතින බවයි.
කෙසේ වෙතත්, එදා අපිරිstatusවෙළට ඇඳ පැළඳ මෙරට ප්‍රෞඪත්වය විනාශ කළ වත්මන් අග්‍රාමාත්‍යවරිය, අද වන විට තරඟයට මෙන් විලාසිතා කරමින්, රට සතු සීමිත ඩොලර් ප්‍රමාණය වියදම් කරමින් ලෝකයේ විවිධ රටවල සංචාරය කරන තත්ත්වයට පත්ව ඇති බවද ඔහු දැඩි ලෙස විවේචනය කළේය.