දූෂිත දේශපාලඥයින් සහ නිලධාරීන් රෝහල්වලට බාල ඖෂධ ගෙනල්ලා – රෝගීන්ගේ ජිවීත අනතුරේ

දූෂිත දේශපාලඥයින් සහ නිලධාරීන් එක්වී රටේ රෝහල්වලට බාල ඖෂධ ගෙන්වීම හේතුවෙන් රෝගීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ගැටළු රාශියක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සදහන් කරයි.

සායනවලට පැමිණි රෝගීන් මුහුණ දුන් අත්දැකීම් පිළිබඳ තමන්ට මනා අවබෝධයක් ඇති බවත් අදාළ රෝග උත්සන්නව රෝගීන් මියගිය විට කිසි දිනක එම මරණය බාල ඖෂධ හේතුවෙන් සිදු වුවක් බව සනාථ නොවන බවද සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සදහන් කරයි.

රෝහල් තුළ අධි රුධිර පීඩනය සහ දියවැඩියාව සඳහා යොදා ගන්නා ඖෂධ තත්ත්වයෙන් බාල බව අත්දැකීමෙන් තහවුරු වී ඇති බවත් ඒ හේතුවෙන් රෝගීන්ගේ ජීවිත දැඩි අවධානමකට ලක්ව ඇති බවද සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සදහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මේ බව සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *