ඉන්දියාවේ සීඝ්‍රයෙන් දියුණු වූ කේරල ප්‍රාන්ත බළධාරීන් හමුවෙන්න අනුර අද යයි

ඉන්දියානු රජයේ ආරාධනාවකට අනුව ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස, අද දිනයේ දී කේරළයේ ප්‍රාන්ත බළධාරීන් කිහිප දෙනෙකු මුණ ගැසීමට නියමිත බව වාර්තා වේ.

ඊයේ දිනයේ දී අනුර ඇතුළු පිරිස ගුජරාටයේ සංචාරයක නිරත වූ අතර, ගුජරාට මහ ඇමති භූපේද්‍රභායි පටෙල් මහතා හමු වී තිබුණි.

ගුජරාටය, පසුගිය කාලය තුළ එහි ජනගහනයෙන් විශාල ප්‍රමාණයක් දරිද්‍රතා මට්ටමෙන් ඉහළට ඔසවා තැබීමට සමත් වූ ප්‍රාන්තයකි. දිළිදුකම පිටු දැකීම සදහා ගුජරාට ප්‍රාන්තය අරගනු ලැබූ සංවර්ධන උපායමාර්ග පිළිබදව මෙම හමුවේ දී සාකච්ඡා කෙරී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *