පසුගිය රජය සමයේ සහ වත්මන් දේශපාලන වාතාවරණය තුළ ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) ජාතික විධායක සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන්ගේ හැසිරීම් සහ ප්‍රකාශ දැඩි විවේචනයට ලක්වෙමින් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ක්‍රියාකාරී පසන් කස්තුරි මහතා පවසයි.
කෙටි කාලයක් තුළ ලාල් කාන්ත මහතා ජනතාව අතර “හාල් කාන්ත” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වීමට තරම් දේශපාලනික වශයෙන් පසුබෑමකට ලක්ව ඇති බවත් කස්තුරි මහතා පෙන්වා දුන්නේය.
සුගිය අරගල සමයේදී සහ ඉන් අනතුරුව විපක්ෂ කණ්ඩායම් සහ ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව අපහාසාත්මක ලෙස “මයිනා” යන නමින් හැඳින්වීමට කටයුතු කළද, වත්මන් දේශපාලන යථාර්ථය සහ රටේ පවතින තත්ත්වය හමුවේ ජනතාවට නැවතත් මහින්ද රාජපක්ෂ මහතාගේ අගය වැටහී ඇති බව මෙහිදී ප්‍රකාශ විය.