බැසිල්ගේ සෞඛ්‍ය තත්වය බරපතල නිසා ගුවන් සමාගම් ඔහු ගැන වගකීම ගන්නේ නෑ – ලක්ෂ්මන් යාපා අබේවර්ධන

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දැනට පසුවන දැඩි අසනීප තත්ත්වය හේතුවෙන් ඔහුට ගුවන් ගමන්වල යෙදීමෙන් වළකින ලෙස වෛද්‍යවරුන් උපදෙස් දී ඇති බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් හිටපු අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

බැසිල් රාජපක්ෂ මහතාගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය කොතරම් බරපතළ ද යත්, ගුවන් සමාගම් පවා ඔහුගේ ගමන් බිමන් සම්බන්ධයෙන් කිසිදු වගකීමක් භාර ගැනීමට සූදානම් නොමැති බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙහිදී සඳහන් කළේය. පැය ගණනාවක් පුරා දිවෙන ගුවන් ගමන්වල යෙදීමට තරම් සෞඛ්‍යමය හැකියාවක් ඔහුට නොමැති බව වෛද්‍ය වාර්තා මඟින් ද පැහැදිලි කර ඇතැයි ඔහු කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *