ත්රිකුණාමලය වරායට අයත් අෂ් රොෆ් නැව් තටාකාංඝණය තුළ ත්රීකුණාමලය වරාය ඉතිහාසයේ ප්රථම වතාවට ජැටියේ තුන් පසම නෞකා 3 ක් එකවර මෙහෙයුම් කටයුතු සිදු කිරීම ආරම්භ කර තිබෙනවා.
මන්නාරම සුළං විදුලි බාලාගාරය වෙත සුළං විදුලි ටවර් 05 ක් රැගත් AAL BANGKOK නෞකාව එක් වේදිකාවක් තම මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබයි,
ජැටියේ තවත් වේදිකාවක් මත ඩුබායි සිට ප්රති අපනයනය සඳහා රැගෙන එනලද ඉදිකිරීම යකඩ කම්බි ටොන් 17000 ක් මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන්නේ HAI LONG 1 නෞකාවයි.
සිමෙන්ති සමාගම සඳහා ඉන්දුනීසියාවේ සිට මෙරටට රැගෙන එනලද ගල් අඟුරු ටොන් 55,000 ක් UNIWELL නෞකාව මගින් ගොඩබෑමද අස් රොෆ් ජැටියේ අනෙක් කොටසේ සිදු කරනු ලබනවා.
ත්රිකුණාමලය වරායේ මෙලෙස එකවර නෞකාවන් 3 ක් මෙහෙයුම් කටයුතුවල නිරත වී ඇත්තේ පළමු වතාවට බවයි වරාය අධිකාරියේ කළමනාකරු සරත් කුමාර මහතා ප්රකාශ කළේ.
තවද මෙමගින් රු.මි. 300 කට වැඩි අදායමක්ද ලැබී තිබෙනවා.