විදෙස්ගත ලාංකිකයින් ලංකාවට සල්ලි ඒවීම 57%කින් ඉහළ යයි

ගිය වසරේ (2023) මෙරට ලැබුණු මුළු විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රමාණය 2022 වසරට සාපේක්‍ෂව 57.5්‍ කින් ඉහළ ගොස් ඇත.

2022 වසරේදී මෙරටට ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියන 3789ක් වූ විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රමාණය ගිය වසරේ (2023) දී ඇමරිකානු ඩොලර් මිලියන 5970 ක් දක්වා වැඩිවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකව නිකුත් කළ නවතම වාර්තාවක දැක් වේ.

එසේම 2022 දෙසැම්බර් මාසයට සාපේක්‍ෂව 2023 වසරේ දෙසැම්බර් මාසයේදී මෙරටට ලැබුණු විදේශ විනිමය ප්‍රේෂණ ආදායම ද ඇමරිකානු ඩොලර් මිලියන 570ක් දක්වා සියයට 19.8න් ඉහළ ගොස් ඇති බව ද එම වාර්තාවේ තවදුරටත් දැක් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *