නාමල් රාජපක්ෂත් තව පැය කිහිපයකින් ඉන්දියාවට යයි

පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉන්දියාවේ සංචාරයක නිරත වන බව පැවසෙනවා. ඒ අයෝධ්‍යාවේ ඉදිකළ රාම් කෝවිල නැරඹීම සඳහා බවයි කියන්නේ. එය පෞද්ගලික සංචාරයක් බව පැවසෙනවා.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අද (09) පිටත්ව යන්නේ දෙදින සංචාරයක නිරත වීමට බව වාර්තා වෙනවා. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වෙනුවෙන් අද සවස රාම් කෝවිලේ විශේෂ පූජාවක් සංවිධානය කරනු ඇත බවයි කියන්නේ. මන්ත්‍රීවරයා අයෝධ්‍යාවේ සහ නවදිල්ලියේ රැඳී සිටින කාලය තුළදී, පෞද්ගලික මට්ටමින් එරට විවිධ අය හමුවීමට බලාපොරොත්තු වෙන බවයි කියන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *