ලංකාවේ කිරි ගොවිතැන අල්ලන්න ඉන්දියාවේ අමූල් ඒම තහවුරුයි – අක්කර 28,000ක් ගන්න යයි

ඉන්දියාවේ අමූල් සමාගමේ නියෝජිතයින් පිරිසක් පශු සම්පත් මණ්ඩලයට අයත් ගොවිපොළ පරීක්ෂා කිරීමට මෙරටට පැමිණ ඇතිබව පශු සම්පත් සංවර්ධන මණ්ඩලය පවසයි.

එම පිරිස ඊයේ (08) සිට ගොවිපොළ පරීක්ෂා කිරීම ආරම්භ කළ බව පැවසීය.

මෙම ගොවිපොළවල ඉදිරි සංවර්ධන සැලසුම් එම කණ්ඩායම විසින් සකස් කිරීමට නියමිතයි.

පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතු ගොවිපල සංඛ්‍යාව 31 කි.

එහි අක්කර 28,000 කට අධික බිම් ප්‍රමාණයක් පවතින බව එම මණ්ඩලය සඳහන් කරයි.

ගොවිපොළ අමූල් සමාගමට බදු දීමට පෙර ඒවායේ වටිනකම් තක්සේරු කිරීම ආරම්භ කර තිබේ.
ඉඩම්වල වටිනාකම තක්සේරු කිරීම් මේ වනවිට 80% කින් පමණ අවසන් කර තිබේ.

එම ගොවිපොළවල සතුන්ගේ වටිනාකම් තක්සේරු කිරීම සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිදු කර තිබේ.

එහි වාර්තාව ජනාධිපති කාර්යාලයට භාරදී ඇති බව පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පසුගියදා අත්සන් කළ මෙරට දියර කිරි කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ ගිවිසුමකට අනුව පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතු ගොවිපොළ ඉන්දියාවේ අමූල් සමාගමට බදු දීමට සැලසුම් කර තිබේ.

මේ අතර පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතු ගොවිපොළ ඉන්දීයාවට බදු දීමට එරෙහිව පසුගිය මාස කිහිපයේ කිරි ගොවීන් අවස්ථා කිහිපයකදීම විරෝධය පළ කිරීම සිදුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *