නිෂ්පාදනය කරන ප්ලාස්ටික් සහ පොලිතීන් පරිසරයට බැහැර නොකොට යළි තමන් වෙත රැස්කර ගැනීමේ වගකීම නිෂ්පාදකයාට පැවරෙන නව පනත් සම්පාදනය කරන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පවසනවා .
ඒ අනුව පරිසරය රැකගැනීම සඳහා වන නිෂ්පාදකයාගේ විස්තීර වගකීම සහිත පනතක් ඉදිරි සැසිවාරයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි ඒ මහතා සඳහන් කළේ .
ජගත් පරිසර දින සැමරුම නිමිත්තෙන් පාසල් දරු දැරියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යාන ශ්‍රවණාගාරයේදී අද (04) පැවති අතර එම අවස්ථාවට සහභාගී වූ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකශ කර තිබෙනවා .
මෙම පන්නත සම්මත කරගැනීම මගින් නිෂ්පාදකයන් විසින් වෙළඳපලට නිකුත් කරන ප්ලාස්ටික් හා පොලිතින් යළි රැස් කිරීමේ නීතිමය වගකීම ඔවුන්ට පැවරෙන බවත් ඒ අනුව පළවෙනි වසරේදී නිෂ්පාදනයෙන් සියයට හතළිහක් රැස් කර ගත යුතු යැයි ඒ මහතා ප්‍රකාශ කලේ .
පනත සම්මත කොට දෙවන වසරේදි සමස්ත නිෂ්පාදනයෙන් සියයට හැටක්ද තුන්වන වසරේ දී නිෂ්පාදනයෙන් සියයට අසූවක්ද වශයෙන් ප්ලාස්ටික් සහ පොලිතීන් නිෂ්පාදකයා විසින් රැස්කර ගත යුතු යැයි ඒ මහතා සඳහන් කළා .
රජයේ ආයතනවල කුඩා ප්‍රමාණයේ ජල බෝතල් මිලදී ගැනීම මේ වන විට තහනම් කරන චක්‍රලේඛනය ලබා දී ඇති බව කී ඒ මහතා ව්‍යාපාරික ස්ථානවලින් පරිභෝගිකයාට පොලිතීන් බෑග් නිකුත් කිරීමේ සීමාවක් පනවා ඇති බවයි ප්‍රකශ කළේ .