ළමා අපචාර චෝදනාවකට වරදකරු වූ හිමිනමකට වසර 24ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කරයි

ළමා අපචාර චෝදනාවකට වරදකරු වූ හිමිනමකට බරපතල වැඩ සහිත වසර 24 ක සිර දඬුවම් නියම කෙරුණා.

යහපත් අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණින් ගලෙන්බිදුනු වැව  ප්‍රදේශයේ  විහාරස්ථානයකට භාරදුන් දස හැවිරිදි පිරිමි දරුවකුට බරපතල ලිංගික අපයෝජන සිදු කළ බවට එම විහාරස්ථානයේ විහාරාධිපති හිමි නම අධිචෝදනා ලැබ සිටියා.

එම හිමිනමට  බරපතල වැඩ සහිත වසර 24 ක සිර දඩුවම් නියම කළ අනුරාධපුර විශේෂ මහාධිකරණය දරුවාට රුපියල් ලක්ෂ 05 ක වන්දියක් ගෙවන ලෙස ද නියෝග කලා.

එසේ නොගෙවන්නේ නම් අමතර වසර 2 ක සිරදඩුවම් ද නියම කෙරුණා.

විත්තිකරු අධිකරණය මග හැර පළාගොස් සිටි අතර එම හිමිනම නොමැතිව නඩුව විභාග කෙරුණා.

හිමිනම අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තුවක් ද නිකුත් කෙරුණා.

මේ අතර පැවදිකිරීම සඳහා විහාරස්ථානයට භාර දුන් පළමු දිනයේම පිරිමි ළමයෙකුට ලිංගික අපයෝජන කිරීමේ චෝදනාවට වරදකරු වූ ගල්නෑවේ හිමිනමකට ද ළමා අපරාධ පිළිබඳ අනුරාධපුර විශේෂ මහාධිකරණය පසුගියදා දඩුවම් නියම කළා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *