කොස්තාපල්ගේ ගිනි අවිය ක්‍රියාත්මක වෙයි – පොලිසියේ තවත් අයෙකුට වෙඩි වදියි

ඔක්කම්පිටිය පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකුගේ ගිනි අවියක් ක්‍රියාත්මකවීමෙන් තවත් පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා ඇත.

අද(9) පෙරවරුවේ අදාළ පොලිස් කොස්තාපල්වරයාට අයත් එම ගිනි අවිය බැරැක්කය තුළදී පිරිසිදු කරමින් සිටියදී එය හදිසියේ ක්‍රියාත්මක වී ඔහු අසල සිටි තවත් පොලිස් කොස්තාපල් වරයෙකුට වෙඩි වැදී ඇත.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඔහු මොණරාගල රෝහලට ඇතුළත කෙරුණු අතර, තත්ත්වය බරපතල නොවන බව සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *