සිසුවියක් දුෂණය කර වසර 10ක් වෙස් වලාගෙන සිටි වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට

පාසල් සිසුවියක් දුෂණය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩුවකට පෙනි නොසිටිමින් වසර 10 ක් සැගව සිටි වරෙන්තුකරුවෙකු මාවනැල්ල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බව නෝටන්බ්‍රිජ් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කපිල විජේරත්න මහතා පැවසිය.

මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ටෙබර්ටන් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි චන්ඩිමුත්තු නඩරාජ් රාදිකාන් නැමති (29) හැවිරිදි අයෙකි.

සැකකරු ඔහු පදිංචිව සිටි වත්තේ 11 හැවිරිදි පාසල් සිසුවියක් දුෂණය කිරිමේ චෝදනාව යටතේ නෝටන්බ්‍රිජ් පොලිසිය මගින් එවකට සැකකරු අත්අඩංගුවට ගැනිමට සුදානම් වි සිටි අවස්තාවේ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් දිවයිනේ විවිධ ප්‍රදේශවල සැගව සිට විවිධ රැකියා වල නිරතව සිට ඇති බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

සැකකරු මවනැල්ල ප්‍රදේශයේ වෙස් වලාගෙන කඩල විකුණමින් සිටින බවට නෝටන්බ්‍රිජ් පොලිසියේ බුද්ධි අංශයේ නිලධාරින්ට සහ නෝටන්බ්‍රිජ් පොලිසියේ විශේෂ කාර්යංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත යුක්තියේ මෙහෙයුමට සමගාමිව හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මහතාගේ සහ සහකාර පොලිස් අධිකාරිවරුන්ගේ උපදෙස් පරිදි මාවනැල්ල ප්‍රදේශයට ගොස් සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *