ගත වූ මාස හතරක (04) කාලසීමාව තුළ විවිධ අල්ලස් සහ දූෂණ චෝදනා සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් 32 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
රාජ්‍ය සේවය තුළ පවතින දූෂණය, වංචාව සහ මහජනතාව පීඩාවට පත් කරමින් අල්ලස් ලබාගන්නා පිරිස් කොටු කරගැනීම සඳහා ක්‍රියාත්මක වන විශේෂ වැටලීම් මාලාවක ප්‍රතිඵලයක් ලෙස මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.