වැල නොකැඩී සංචාරකයෝ ලංකාවට – පෙබරවාරි මුල් දින 08ට 68,000ක් ඇවිත්

පෙබරවාරි මාසයේ මුල් දින 08 තුළ විදේශීය සංචාරකයන් 60, 122 ක් දිවයිනට පැමිණ ඇති බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.

එය පසුගිය වසරේ පෙබරවාරි මාසයේ පැමිණි සමස්ත සංචාරකයන් ප්‍රමාණයෙන් 55 % කි.

6,000 ත් 6,500 ත් අතර පැවති දෛනික සංචාරක පැමිණීම් මේ වන විට 7,500 දක්වා ඉහළ ගොස් තිබේ.

පෙබරවාරියේ මේ දක්වා පැමිණ තිබෙන සංචාරකයන්ගෙන් බහුතරය රුසියානු ජාතික සංචාරකයන් ය. දෙවන තැනට සිටින්නේ ඉන්දියානු සංචාරකයන් වන අතර තෙවනුවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ එක්සත් රාජධානියෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *