මිල්කෝ ආයතනය සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය (NLDB) ඉන්දියාවේ අමූල් සමාගමට මිල දී ගැනීමේදී විවෘතභාවය ගැන නැවත සාකච්ඡාවක් කිරීමට සූදානම් බව එම සමාගම තම ප්රශ්න කිරීම් හමුවේ පැවසුවේ යැයි ජාතික ජන බලවේගයේ නායක කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක පැවසීය.
තමා ඇතුළු කණ්ඩායම මේ පිළිබඳ විමසමින් මෙහි ඇති විනිවිදභාවයෙන් තොර වීම ගැන පෙන්වාදුන් බවත් ඔහු කීය.
ඔහු මෙසේ ද කීය.
“අපි ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය ලෙසත් විශේෂයෙන් අමූල් සමාගම මුණගැහුණා. ලංකාවේ NLDB ආයතනය සහ මිල්කෝ ආයතනය අමූල් සමාගම විසින් මිල දී ගන්න සාකච්ඡා කරලා තිබුණා. අපි ඔවුන්ට විශාල ලෙස එහි විනිවිදභාවයෙන් තොරභාවය හා අපි ඊට කරන බලපෑමත් පෙන්වා දුන්නා. ඒ වගේ ම මෙහි තියෙන කිසිවක් පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කර නැති බවත් ජනාධිපති මේක තමන්ගේ දේපළක් ලෙස භාවිත කර විකිණීමට කරන මැදිහත් වීම ගැන අපේ ඇති විරෝධයත් අපි පෙන්නුවා. එහිදී ඔවුන් විසින් තවදුරටත් ඒ ගැන සාකච්ඡා කරන්න සූදානම් කියලා කිව්වා. ඒ වගේ ම මෙහි විවෘතභාවය ගැන ඔවුන් කටයුතු කරන බව කිව්වා.”