පාසල් ගුරුවරුන්ට තෑගි බෝග ගන්න තහනම් කරයි

මුදල් එකතු කර ගුරුවරුන්ට තෑගි බෝග ලබා දෙන්නන් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත පවසනවා. ගුරුවරුන්ට තෑගි බෝග ලබාදීම තහනම් කරමින් චක්‍රලේඛ නිකුත් කර තිබියදී එවැනි කටයුතු දිගින් දිගටම සිදුවන බවට තොරතුරු ලැබී තිබෙන බවයි අමාත්‍යාංශය පවසන්නේ.

ගුරුවරුන් එවැනි තෑගි බෝග ලබා ගැනීමද වරදක් බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *