රුපියල් ලක්ෂ 16ක මාසික වැටුපක් ගන්න ආණ්ඩුවේ ලොක්කෙක් ගැන හෙළි වෙයි

රජයේ ප්‍රධාන පෙළේ අමාත්‍යංශයක ලේකම්වරයකු පසුගිය ජනවාරි මස සිට රුපියල් හත්ලක්ෂ දොළොස් දහසක (රු. 7,12,000) වැටුප් වර්ධකයක් ලබාගෙන ඇතැයි

වාර්තා වෙයි. ඒ අනුව ඊට පෙර ඔහු ලැබූ මාසික වැටුප වූ රුපියල් නවලක්ෂ හැත්තෑ හතර දහස (රු. 9,74,000) මේ වන විට මසකට රුපියල් දහසය ලක්ෂ අසූහත් දහසක් (රු. 16,87,000) දක්වා ඉහළ නංවාගෙන තිබීම පුදුම සහගත බව එම අමාත්‍යංශයට අදාළ වෘත්තිය සමිති කිහිපයක නායකයෝ සඳහන් කළහ.

(එම අමාත්‍යංශ ලේකම්වරයා අදාළ අමාත්‍යංශයේ සේවය කරන්නේ ද්විතියික පදනමින් බවද ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

උපුටා ගැනීම – ඉරිදා දේශය පුවත්පත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *