යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බැදීමේ අරමුණ හමුදාවට එන එක දිරිමත් කරන්නයි – මහින්ද පතිරණ

”යෝෂිත අත්අඩංගුවට අරගෙන තියෙන්නෙ ඔහු නාවුක හමුදාවට බැඳුන කියල. ඇත්තටම යෝෂිත හමුදාවට බැඳුනෙ රටේ විශාල යුද්ධයක් තියෙන වෙලාවෙ.

යුද්ධයට රටම පෙළගස්වපු අවස්ථාවක. පෙර පැවති ඊනියා සාම ගිවිසුම නිසා සෙබළුන් බඳවා ගැනීම දුෂ්කර අවස්ථාවක. සෙබළුන් හමුදාවෙන් පැනල යන අවස්ථාවක.

සේනාධිනායකයාගේ පුතා හමුදාවට බඳවා ගැනීම හරහා හමුදාවලට බැඳීම දිරිමත් කිරීම තමා අරමුණ වුනේ. මේක ලෝකයේ සියලු රටවල ඓතිහාසික ව සහ වර්තමානයේ ද වෙන දෙයක්.

බ්‍රිතාන්‍යයේ රජ පවුලේ හැරී හමුදාවට බැඳිල ඇෆ්ගනිස්තානයේ කටයුතු කළා. දැන් මේක තමා අල්ලස් කොමිසම දාලා යෝෂිතට එරෙහිව යොදා ගන්නෙ. මේක සම්පූර්ණයෙන් ම දේශපාලන පළිගැනීමක් සහ මේ රට ත්‍රස්තවාදයෙන් මුදවා ගැනීමට එරෙහිව පළිගැනීමක්.”

උපුටාගැනීම : මහින්ද පතිරණ තැබූ ෆේස්බුක් සටහනක් ඇසුරිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *