බටහිර රටවලට පැනගිය වරෙන්තුකරුවන් ගෙන්වන්න ඉන්ටපෝල් සහාය ගන්න යයි

බටහිර රටවල සිටින ශ්‍රී ලාංකික වරෙන්තුකරුවන් මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයන් සැකසීමට ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබාගන්නා බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් (21දා) ඊයේ පැවසීය.

ආසියාතික රටවල සිටින වරෙන්තුකරුවන් මෙරටට රැගෙනවිත් ඇතත් යුරෝපීය රටවල සිටින වරෙන්තුකරුවන් මෙහි ගෙන්වා ගැනීමට නොහැකි වී තිබේ.

ඩුබාහි, ඉන්දියාව වැනි රටවල සිටින පාතාල සාමාජිකයෝ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම විවිධ වංචනිකයන් යුරෝපීය රටවලට පැනයෑමට සැලසුම් කරන්නේ ඔවුන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නීති නොමැතිකම නිසා යැයි ද පොලිසිය කියයි.

මේ අනුව ආසියාතික රටවල මෙන්ම යුරෝපීය රටවල සිටින ශ්‍රී ලාංකික වරෙන්තුකරුවන් කඩිනමින් මෙහි ගෙන්වා ගැනීමට ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කිරීම සඳහා ළඟදීම ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොලිසිය කියයි.

Source : ‘දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *