පව් ආණ්ඩුව අසරණ වෙලා ඉන්නේ, ඒ අයගේ අපල කාලයක් යන්නේ – නාමල් රාජපක්ෂ කියයි

වත්මන් ආණ්ඩුව මේ අවස්ථාවේ අසරණ වී ඇති බවත්, ඔවුන්ගේ නොහැකියාව පෙන්නුම් කරමින් ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඒ අනුව, මේ වන විට ඔවුන්ගේ අපල කාලයක් ගෙවෙමින් ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ආණ්ඩුවට තමන් පොරොන්දු වූ දේවල් ඉටු කර ගැනීමට නොහැකි වන විට, ජනතාව මර්දනය කරමින් තමන්ගේ රාජ්‍ය පාලනය පවත්වාගෙන යාමට උත්සාහ කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *