මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිසක් පොලිස් නිළධාරීන්ට පහරදුන් නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිසකට එරෙහි පොලිස් නිලධාරීන්ට පහරදීමේ නඩුවේ තීන්දුව හෙට බදුල්ල මහාධිකරණයේදී

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇතුළු පිරිසක් විසින් පොලිස් ජීප් රථයක් හරස් කර පොලිස් නිලධාරීන්ට පහරදීමේ සිද්ධියට අදාළව පැවති නඩු විභාගයේ තීන්දුව හෙට (25 වනදා) බදුල්ල මහාධිකරණයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ. දීර්ඝ කාලයක් තිස්සේ විභාග වූ මෙම නඩුවේ විභාග කටයුතු පසුගිය මස 25 වනදා අවසන් කරන ලද අතර, එහි තීන්දුව මෙලෙස හෙට දින ප්‍රකාශයට පත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

මෙම සිදුවීම වාර්තා වන්නේ 2019 වසරේ පෙබරවාරි 10 වනදා හෝ ඒ ආසන්න දිනක පස්වරුවේදීය. පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇතුළු පිරිස ජීප් රථවලින් ගමන් කරමින් සිටියදී, ඔහුගේ ජීප් රථය පොලිස් ජීප් රථයක් විසින් ඉස්සර කරගෙන යාම සම්බන්ධයෙන් ඔවුන් දැඩි ලෙස උරණ වී තිබේ.

එම උදෙසා තමන් පසු කරගෙන ගිය පොලිස් ජීප් රථයේ මඟ හරස් කළ හිටපු මන්ත්‍රීවරයා ඇතුළු පිරිස, එහි සිටි නිලධාරීන්ට පහරදී තුවාල සිදු කර ඇති බවට චෝදනා එල්ල වී ඇත. එමෙන්ම, සැකකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු පිරිස ගිනි අවි පෙන්වමින් එහි සිටි පොලිස් නිලධාරීන්ට මරණ තර්ජනය එල්ල කළ බවටද එම දිනවල පොලිස් වාර්තාවල සඳහන් විය. මෙම ආන්දෝලනාත්මක සිදුවීමට අදාළ මහාධිකරණ තීන්දුව පිළිබඳව හෙට දින නීති ක්ෂේත්‍රයේ මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේද දැඩි අවධානයක් යොමුව පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *