අයෝජන ටෙන්ඩර් නැතිව බෑ,අපේ කාලයේදී ටෙන්ඩර් දානවා – මාලිමාව ඉන්දියාවට දැනුම් දෙයි

අද වන විට ලෝක දේශපාලනයේ සිදුවී තිබෙන වෙනස්කම්වලට අනුව තම පක්ෂයද වෙනස් වී ඇතැයි ජාතික ජන බලවේග විධායක සභික, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කරන ලද්දේ ජාතික ජනබලවේග නියෝජිත පිරිසක් සිදුකළ ඉන්දීය සංචාරය පිළිබඳ කරුණු පැහැදිලි කිරීම සඳහා පැලවත්වත්ත පක්ෂ මූලස්ථායේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

ඉන්දීය රජයේ ආරාධනයකට අනුව මෙම සංචාරය සිදුකළ බවත් පැවසූ ඔහු දින දහයක් සඳහා සංචාරය යෝජනා වුවත් එය දින පහක අඩු කරගත් බවත් හෙතෙම එහිදී පැවසීය.

මෙම චාරිකාවේ සියලුම මුණ ගැසීම් සහ ස්ථාන නිරීක්ෂණ මධ්‍යස්ථාන පිළිබඳ වැඩ සැලසුම කරන ඉන්දීය රජය විසින් බවත් ඔහු පැවසීය.

ලංකාවේ සිදු කරන ආයෝජනවලදී ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හෝ ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය නොකරන බවද එවන් කටයුතු සඳහා එකඟ නැති බවත් තම පාලනයක් යටතේ පැහැදිලිව ප්‍රසම්පාදනයක් යටතේ ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කරන බව ඉන්දීය බලධාරීන්ට දැනුම් දුන් බවද හෙතෙම තවදුරටත් එහිදී කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *