ශ්‍රේෂ්ඨාධිකරණයේ (සුප්‍රීම් කෝට්) වත්මන් ක්‍රියාකාරීත්වය සහ නඩු කටයුතු කඩිනම් කිරීම පිළිබඳව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ අදහස් දැක්වීමක් සිදුකර තිබේ.
එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ අතීතයට සාපේක්ෂව වත්මන් අධිකරණ පද්ධතිය තුළ කැපී පෙනෙන කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කරන බවයි.
පෙර කාලයේ ශ්‍රේෂ්ඨාධිකරණය සතියකට දින දෙකක් හෝ තුනක් පමණක් වාඩි වූ අතර, වත්මන් ක්‍රමවේදය යටතේ සතියේ දින 05 පුරාම අධිකරණ කටයුතු සඳහා වාඩි වන බව ඔහු සඳහන් කළේය.
දින 05 පුරාම අධිකරණය ක්‍රියාත්මක වීම හේතුවෙන් වර්තමානය වන විට නඩු කටයුතු ඉතා වේගයෙන් විභාග කර අවසන් වෙමින් පවතින බව අමාත්‍යවරයා පැවසීය.
මේ ආකාරයෙන් නඩු කටයුතු කඩිනමින් අවසන් වුවහොත් ඉදිරි මාස තුන හතර ඇතුළත අලුතින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පත් කිරීමේ අවශ්‍යතාවයක් පවා පැන නොනගින බව ඔහු පෙන්වා දුන්නේය.