තිබුණු නඩු ඉක්මනට ඉවර වේවි, අලුත් නඩුත් ඉක්මනට වැටේවි – නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ

නතාව අරගලවලට එක් වී ප්‍රකාශ කළේ, ජනතාවගේ සම්පත් මංකොල්ල කා ඇති බවත්, ඒවාට සාධාරණයක් ඉටු කරන ලෙසත් යන කාරණය බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසනවා.

ඒ අනුව, ආණ්ඩුව විසින් එම කාර්යභාරය මේ වන විට ඉටු කරමින් ඇති බවත්, නමුත් රජය මැදිහත් වී විවිධ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙසට ප්‍රකාශ කිරීමක් සිදු නොකරන බවත් අද (25) මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

විවිධ හේතු මත අත්අඩංගුවට ගැනීම් සිදු වන බවත්, රාජ්‍ය සම්පත් අවභාවිතය මත අත්අඩංගුවට ගැනීම, නීතියට බලපෑම් කිරීම, පාතාලයට උදව් කිරීම ආදී විවිධ වශයෙන් අත්අඩංගුවට ගැනීම් සිදු වන බවයි ඔහු සඳහන් කළේ.

මෙම අත්අඩංගුවට ගැනීම් පළිගැනීමක් ලෙස දැකිය හැක්කේ පැවති ක්‍රමය තුළ සිටි ‘තක්කඩින්ට’ පමණක් බව ද ඔහු පවසා සිටියා.

පවතින නඩු ඉක්මනින් අවසන් වනු ඇති බවත්, ඉක්මනින් අලුතින් නඩු පවරනු  ඇති බවත්, කවුරුන් හෝ අනීතිකව ලංකාවේ වත්කම් අත්පත් කරගෙන ඇත්නම් දැන්මම ඒවා නිදහස් කරන ලෙසත් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *