චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය වහාම අත්හිටුවීමට සමගි ජන බලවේගය තීරණය කරයි


අල්ලස් ලබාගැනීමේ සිදුවීමකට අදාළව රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතා සම්බන්ධයෙන් පක්ෂය විසින් ගනු ලැබූ තීරණය දැනුම් දෙමින් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර (පා.ම.) මහතාගේ අත්සනින් යුතුව විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

2023 වසරේ සිදු කළ බව කියන අල්ලස් ලබාගැනීමේ සිදුවීමකට අදාළව ඊයේ (25) දින රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලද චරිත් අබේසිංහ මහතාගේ පක්ෂ සාමාජිකත්වය සහ ඔහු පක්ෂයේ දැරූ සියලු තනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පක්ෂය තීරණය කර ඇත.

මෙම අල්ලස් සිදුවීම සිදු වූ බව කියන 2023 වසර වන විට, චරිත් අබේසිංහ මහතා සමගි ජන බලවේගයේ සාමාජිකයෙකු ලෙස හෝ සංවිධායකවරයෙකු ලෙස කටයුතු කර නොමැති අතර, ඔහු එවකට පක්ෂයේ කිසිදු තනතුරක් දරා නොමැති බවද පක්ෂය අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *