අල්ලස් ගනිපු කාලයේ චරිත් අපේ කෙනෙක් නෙමේ – සජබ මහලේකම්ගේ අත්සනින් නිකුත් කළ ලිපියේ කියයි

අල්ලස් සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ සමගි ජන බලවේග හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට සමගි ජන බලවේගය පියවර ගෙන තිබේ.

මේ ඒ සම්බන්ධයෙන් එම පක්ෂය නිකුත් කළ නිවේදනය.

සමගි ජන බලවේගය,

විශේෂ මාධ්‍ය නිවේදනයයි

හොරණ ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කරන වරිත් අබේසිංහ මහතා පිළිබඳ පක්ෂය ගත් තීන්දුව දැනුම්දීම සම්බන්ධවයි

2023 වසරේ සිදු කළ බව කියන අල්ලස් ලබාගැනීමේ සිදුවීමකට අදාළව ඊයේ (25) රක්ෂිතබන්ධනාගාර ගත කළ සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතාගේ පක්ෂ සාමාජිකත්වය සහ ඔහු පක්ෂයේ දැරූ සියළු තනතුරු වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටු වීමට පක්ෂය තීරණය කර තිබේ.

මෙම අල්ලස් සිද්ධිය සිදු වූ බව කියන 2023 වසර වන විට ඔහු අප පක්ෂයේ සාමාජිකයකු ලෙස හෝ සංවිධායක වරයකු ලෙස හෝ කටයුතු කර නොමැති අතර ඔහු එවකට සමඟි ජන බලවේගයේ කිසිදු තනතුරක් නොදැරූ බවද අවධාරණය කරනු කැමැත්තෙමි.

සමගි ජන බලවේගය කිසිදු විටෙක දුෂණයන්ට හෝ නීති විරෝධී කටයුතු වලට සම්බන්ධ පුද්ගලයින්ට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීමට සහ අධිකරණමය ක්‍රියා මාර්ග ගැනීමට විරුද්ධ නොවන බව අප යළි යළිත් අවධාරණය කරන්නෙමු.
මෙයට

රංජිත් මද්දුම බණ්ඩාර
(පා.ම.) මහලේකම් සමගි ජන බලවේගය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *