ඔන්ලයින් පනතෙන් අපි කවුරුත් ඇල්ලුවේ නෑ – පොලිසිය කියයි

පසුගිය දා සම්මත කර ගන්නා ලද ඔන්ලයින් සේෆ්ටි පනත යටතේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කිසියම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට පළවන මාධ්‍ය වාර්තා, පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කරයි.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා පසුගියදා පානදුරේ පැවති මහජන රැස්වීමක් අමතමින් කියා සිටියේ, කිසියම් දේශපාලනඥයෙකුගෙන් මුදල් ලබා ගනිමින්, තමන් ඇතුළු පිරිසට මඩ ගැසීම් සිදු කළ පුද්ගලයෙකු සී.අයි.ඩීය මගින් අත්අඩංගුවට ගත් බවයි.

නමුත්, එසේ අත් අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා පිළිබදව වැඩි දුර විස්තර ප්‍රකාශ කිරීම අමාත්‍යවරයා ඒ මොහොතේ ප්‍රතික්ෂේප කළේ ය.

අමාත්‍යවරයා ගේ එකී ප්‍රකාශය ඇතුළත් වීඩියෝව හෙඩ්ලයින් නිවුස් අපගේ ෆේස්බුක් පිටුව ඔස්සේ ප්‍රචාරය වූ අතර, එම වීඩියෝවේ ලින්ක් එක පළමු කොමෙන්ටුවට නැවත එක්කර තිබේ.

කෙසේ වෙතත්, ඔන්ලයින් සේෆ්ටි පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට පලවන වාර්තාව සත්‍යයෙන් තොර බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතීඥ නිහාල් තල්දූව මහතා ද මෝර්නිං පුවත්පත සමග පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *