චරිත් අබේසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විසින් ගොනු කළ ඇප අයදුම්පතක් සම්බන්ධයෙන් අධිකරණයේදී සිදුවූ විශේෂ සිදුවීමක් වාර්තා වේ.
තම සේවාදායකයා වෙනුවෙන් ඇප ලබාගැනීමට කරුණු දක්වමින් නීතිඥවරයා ප්‍රකාශ කළේ, හිරු ටීවී නාලිකාවේ විකාශය කෙරෙන චරිත් අබේසිංහ විසින් අධ්‍යක්ෂණය කරන ලද “අම්මා” නම් ටෙලිනාට්‍යයට බාධා ඇතිවිය හැකි බැවින් ඔහුට ඇප ලබාදෙන ලෙසයි. තමන්ට ලැබුණු උපදෙස් මත මෙම කරුණ අධිකරණය හමුවේ තැබූ බවත්, ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
කෙසේ වෙතත්, එම ටෙලිනාට්‍යය නීතිඥවරයා විසින් නරඹා තිබේදැයි මහේස්ත්‍රාත්වරයා විමසූ අවස්ථාවේදී, තමන් එම ටෙලිනාට්‍යය නරඹා නොමැති බව ඔහු පිළිගත්තේය.
මෙම කරුණ සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා, ඇප ලබාගැනීම සඳහා එවැනි හේතුවක් සුවිශේෂී කරුණක් ලෙස පිළිගත නොහැකි බව පවසමින් එය ප්‍රතික්ෂේප කර ඇත.