ද්‍රව පෙට්‍රෝලියම් (LP) ගෑස් මිල අඩු කිරීම හේතුවෙන් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ක්ෂණික ආහාර වර්ග කිහිපයක මිල ගණන් අඩු කිරීමට ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.
බත් පැකට්ටුවක්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු යන ආහාර වර්ගවල මිල ගණන් රුපියල් 15කින් අඩු කෙරේ.
ප්ලේන් ටී, කිරි තේ සහ කෙටි ආහාරවල මිල ගණන් රුපියල් 5කින් අඩු කෙරේ.