පොලිසියේ ගසකට මුත‍්‍රා කලැයි SIට පොලිසියේ හයක් වටකගෙන ගහයි

බම්බලපිටියේ පිහිටි පොලිස් පරීක්ෂක භෝජනාගාරයේ පිහිටි ගසකට මුත‍්‍රා කිරීමට ගිය පොලිස් පරීක්ෂකයෙකුට තදබල ලෙස පහර දුන් බවට පැමිණිල්ලක් කර තිබේ.

බම්බලපිටිය පොලිසිය වෙත පොලිස් පරීක්ෂකයකු විසින් මෙම පැමිණිල්ල කරමින් සඳහන් කර ඇත්තේ හය දෙනෙකුගෙන් පමණ ගියත් කණ්ඩායමක් පැමිණ තමන්ට වට කරගෙන තද බල ලෙස පහර දුන් බවටයි.

මෙම පිරිස අතර ඉහළ පොලිස් නිලධාරියෙකුද සිටි බවත් එම පැමිණිල්ලේ සඳහන් වෙයි.

පහර කෑමට දක්වූ පොලිස් නිලධාරියා පෞද්ගලික රෝහලකින් වෛද්‍ය ය ප්‍රතිකාර ලබාගෙන ඇති බවද සදහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *