දවසට දෙපාරක් නාන්න,රෑටත් නාන්න – අධික රස්නයෙන් රට පුරා චර්ම රෝග ව්‍යාප්තිය ඉහළට

මේ දිනවල පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් චර්ම රෝගවල ව්‍යාප්තියක් දක්නට ලැබෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

වෛද්‍යවරයා සඳහන් කළේ, දරුවන්ට මෙම තත්ත්වය දැඩි බලපෑමක් එල්ල කර ඇති බවය.

හතිය වැනි රෝග ලක්ෂණ සහිත දරුවන්ට වුවත් මේ දිනවල නෑමට අවස්ථාව ලබාදිය යුතු බව වෛද්‍යවරයා සඳහන් කළේය. 

දිනකට දෙපාරක් හෝ නෑමට ඉඩ ප්‍රස්ථාව දරුවන්ට ලබාදිය යුතු බවත් චර්ම රෝග ඇති අයෙක් නම් උදෑසනට හා රාත්‍රීයට විනාඩි 20ක පමණ කාලයක් ජලයේ සිටීමෙන් එම තත්ත්වය යම් දුරකට පාලනය කරගත හැකි බවත් වෛද්‍ය දීපාල් පෙරේරා‍ මහතා කියා සිටියේය.

දරුවන් දවල් කාලයට ක්‍රීඩා කටයුතු සිදුකරන්නේ නම් ගෘහස්ත ස්ථානයක් ඒ සඳහා ලබාදී ප්‍රායෝගික ක්‍රියාවලියක් සිදුකළ යුතු බවත්, නිසි පරිදි ජලය හා දියර වර්ග පානය කිරීමට ලබානොදීමෙන් තාප කම්පන තත්ත්වයන්ට පත්ව මරණ පවා ඇති විය හැකි බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *