බන්ධනාගාරය ඇතුළට වෙඩි තියන්න පොලීසියට අණ දුන්නෙ කවුද? – මෛත්‍රී ගුණරත්න අහයි

කිසිදු නිසි නියෝගයකින් තොරව, ටී-56 ගිනිඅවි භාවිත කරමින් බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුවේ ඇති කුඩා කවුළුව තුළින් නිලධාරියෙක් විසින් බන්ධනාගාරය තුළට වෙඩි තබා ඇති බව නීතිඥ මෛත්‍රී ගුණරත්න පවසනවා.

ඒ අනුව, මෙලෙස වෙඩි තැබීමට නියෝග ලබා දුන්නේ කවුරුන්ද යන්න ගැටලු සහගත බවයි අද (07) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් නීතිඥවරයා සඳහන් කළේ.

සිරකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතු පසුබිමක, මෙලෙස ක්‍රියා කිරීම සම්බන්ධයෙන් එතැන සිටි සියලුම නිලධාරීන් සාමූහිකව මෙයට වගකිව යුතු බව ද ඔහු ප්‍රකාශ කළා.

මීට පෙර දිනයක ද මෙවැනිම සිදුවීමක් සිදු වී මරණ වාර්තා වූ බැවින්, රජය මේ පිළිබඳව දැනුවත්ව සිටි නමුත්, එය නිසි ලෙස පාලනය කිරීමට හෝ සොයා බැලීමට අධිකරණ ඇමැතිවරයා ඇතුළු බලධාරීන් කටයුතු නොකළ බවයි ඔහු චෝදනා කළේ.

මහජන විශ්වාසය ගිලිහී ඇති පොලීසිය වෙනුවට, වඩාත් වගකීමෙන් කටයුතු කරන යුද හමුදාව මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා යොදවා ගැනීමට රජයට හැකියාව තිබුණු බවත්, අද වන විට පොලීසිය ආණ්ඩුවේ සියලුම ‘ජරා වැඩ’ කරන තත්ත්වයට පැමිණ ඇති බවයි නීතිඥ මෛත්‍රී ගුණරත්න වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *