වත්මන් රජය විසින් රාජ්‍ය සේවකයා, රණවිරුවා, දේශපාලනඥයා, ව්‍යවසායකයා ආදී වශයෙන් සියලු දෙනාවම මර්දනය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
ආණ්ඩුව සිදු කරන්නේ තමන්ගේ රජය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් බන්ධනාගාර පිරවීම බවයි ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
ඒ අනුව, ආණ්ඩුව විසින් සෑම දිනකම සවස ප්රවෘත්ති විකාශයේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුවතක් ඇතුළත් කර ගැනීම වෙනුවෙන් බන්ධනාගාර පුරවන බව ද, නිසි පරීක්ෂණ සිදු නොකරන බව ද ඔහු ප්‍රකාශ කළා.
අද වන විට බන්ධනාගාර පිරී ඉතිරී ගොස් ඇති බවත්, සමහර නඩු අවුරුදු 10 – 12 ගත වන අතර, රස පරීක්ෂණ වාර්තා පැමිණෙන තෙක් වසර 02 ක් පමණ සිරගතව සිටීමට සිදු වන බවත්, මේවාට විසඳුම් සෙවීමට වත්මන් ආණ්ඩුවට කිසිදු වුවමනාවක් නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.