වත්මන් ආණ්ඩුව අතහැර, 2029 හෝ ඊට මෙපිට තැනක නාමල් රාජපක්ෂ ප්රමුඛ අලුත් ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා එක් වීමට කාලය පැමිණ ඇති බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සංජීව එදිරිමාන්න පවසනවා.
ඒ අනුව, වත්මන් ආණ්ඩුව දෙස තවදුරටත් බලා සිටීමෙන් ඵලක් නොමැති බවත්, මේ ආණ්ඩුව සමග සිටීමට, මේ ආණ්ඩුවට සහය දීමට හෝ ආණ්ඩුවට ගරු කිරීමට හෝ කිසිදු හේතුවක් නොමැති බවයි ඔහු ප්රකාශ කළේ.
2029 හෝ එයින් මෙපිටදී නාමල් රාජපක්ෂට මේ රටේ අනාගතය භාර දීමට හැකි දවස උදාවන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සංජීව එදිරිමාන්න වැඩිදුරටත් සඳහන් කර සිටියේ.