බන්ධනාගාර රැදවියන්ගේ හා නිළධාරීන්ගේ වේදනාව මතින් අපි දේශපාලනය කරන්න සූදානම් නෑ – නාමල් රාජපක්ෂ

ගැටුමක් නිසා බන්ධනාගාර නිලධාරීන් පිරිසක් ඝාතනය වූ පළමු අවස්ථාව මෙය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

මෙම ගැටුමට අදාළ රැඳවියන්ගේ සහ නිලධාරීන්ගේ වේදනාව තමන්ට දැනෙන බවත්, එම වේදනාව මතින් දේශපාලනය කිරීමට තමන් සූදානම් නොමැති බවයි ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

නමුත් අවශ්‍ය වේලාවේදී නියෝග ලබා නොදීම පිළිබඳව සොයා බැලිය යුතු බවත්, එසේම මේ පිටුපස සැඟවුණු රහසක් තිබේ ද යන්න ද සොයා බැලිය යුතු බවත් එහිදී මන්ත්‍රීවරයා සඳහන් කළා.

ආණ්ඩුව විසින් බොරුව නවතා දැමිය යුතු බවත්, තවදුරටත් වෛරය, ඉරිසියාව, කුහකත්වය, ක්‍රෝධය පතුරන දේශපාලන බලවේගයක් රටට නොගැලපෙන බවත් ඔහු පවසා සිටියා.

වෛරය වපුරවන ලද ආණ්ඩුවට, ඉරිසියාව හා කුහකත්වය වපුරවපු ආණ්ඩුවට, ස්වභාවධර්මයෙන් ලබාදෙන්නේ ද ඒ ප්‍රතිඵලයම බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *