මේ වසරේ දැනට විදේශ ප්‍රේෂණවලින් ඩොලර් බිලියන 4.6 ක ආදායමක් වාර්තා කරයි

ජනවාරි සිට ජූනි දක්වා වසරේ මුල් මාස හය තුළ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් රට තුළට එවා ඇති ප්‍රේෂණවල වටිනාකම ඩොලර් බිලියන 4.6 ක් බව වාර්තා වේ.

පසුගිය වසරේ අදාල කාල පරිච්ඡේදය තුළ ලැබී තිබුණු ඩොලර් බිලියන 3.74 හා සසදා බැලීමේ දී මේ වසරේ මුල් මාස හය තුළ ලැබී තිබෙන ප්‍රේෂණ 23.2% කින් වර්ධනය වී තිබේ.

ජූනි මාසයේ විදේශ ප්‍රේෂණ ලැබීම් ඩොලර් මිලියන 695 කි.

කෙසේ වෙතත්, මැයි මාසයේ දී විදේශ ප්‍රේෂණ ලැබිම් ඩොලර් මිලියන 847 ක් ලෙස වාර්තා වූ අතර, ඒ හා සැසදීමේ දී ජූනි මාසයේ විදේශ ප්‍රේෂණ ලැබීම් වල අඩුවීමක් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *