මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ගැටුමෙන් මියගිය නිලධාරීන් වෙනුවෙන් ලබාදුන් රුපියල් ලක්ෂ 5ක මුදල මූලික ගෙවීමක් පමණක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
ලබාදුන් එම මුදල සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු සිදුකරන විවේචනවලට ප්‍රතිචාර දක්වමින් බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ඒ.සී ගජනායක මහතා මේ බව ප්‍රකාශ කළේය.
ඔහු සදහන් කළේ අදාළ නිලධාරීන්ගේ පවුල්වලට ලක්ෂ 20කට අධික මුදලක් ලබාදීම කෙරෙහි දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇති බවය.
එමෙන්ම සියලු අවමංගල්‍ය කටයුතු ද සිදුකරනු ලැබුවේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වියදමෙන් බවද ඔහු සඳහන් කළේය.
මේ අතර මෙම ගැටුමෙන් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් සඳහා ද යම් වන්දි මුදලක් ලබාදීම කෙරෙහි අවධානය යොමුව තිබේ.
බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ඒ.සී ගජනායක මහතා පැවසුවේ මෙම ගැටුමෙන් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් 07 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවය.
ඉන් තිදෙනෙකු කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ තවදුරටත් ප්‍රතිකාර ලබන බව සදහන් වේ.