තමන් ධුරයෙන් ඉල්ලා අස්වූයේ, ජනාධිපති කොමිසමක් හරහා සිදුවන ගල් අඟුරු පිළිබඳ විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය නිදහස් වටපිටාව සකස් කර දීමට බව හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි පවසනවා.
ඒ අනුව, ජනාධිපතිවරයා විසින් ගල් අඟුරු පිළිබඳ විමර්ශන කොමිසමක් පත් කිරීමෙන් පසුව, පක්ෂය සමඟ ද සාකච්ඡා කර තමා ඉවත් වූ බවත්, විමර්ශනවලට බලපෑමක් වේ යැයි ජනතාවට හැඟී යාම ඉවත් කර ගැනීම වෙනුවෙන් තමන් ඉවත් වූ අතර, එහි වෙනත් කිසිදු හේතුවක් නොමැති බවයි අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
තමන් ඉල්ලා අස්වූයේ ගල් අඟුරු වංචාව පිළිබඳ පරීක්ෂණයට අවශ්‍ය ඉඩ ප්‍රස්ථාව ලබා දීමට වන අතර, මීගමුව බන්ධනාගාර ගැටලුවට අමාත්‍යවරයා ඉල්ලා අස්වීම අවශ්‍ය නොවන බවත් ඔහු පවසා සිටියා.
අනෙක් කාරණය වන්නේ, ඉල්ලා අස් වන ලෙසට පවසන්නේ විපක්ෂය පමණක් බව ද, රජය ජනතා කැමැත්තෙන් ආණ්ඩුවක් පිහිටුවා ඇත්තේ විපක්ෂය කියන දේවල් කිරීමට නොවන බව ද අමාත්‍යවරයා පවසා සිටියා.
ජනතාව ආණ්ඩුවට ඡන්දය දුන්නේ පෙර පැවති පාලනයන් සිදු කළ දේවල් නොකිරීමට බව ද හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.