මීටරේ කරකවා කිලෝමීටර් 30,000ක් අඩු කර වාහනය විකුණු ශ්‍රි ලාංකිකයාට නවසීලන්ත අධිකරණයෙන් දඩ නියම කරයි

නවසීලන්තයේ පාවිච්චි කරන ලද මෝටර් රථයක ඕඩෝමීටරය (Odometer) වෙනස් කර, එහි සැබෑ ධාවන දුර ප්‍රමාණය වංචනික ලෙස සඟවා පාරිභෝගිකයෙකුට විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එරෙහිව එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුට අධිකරණය මඟින් දඬුවම් පමුණුවා තිබේ.

නවසීලන්ත බලධාරීන්ට අනුව මෙම වංචාව සිදුකර ඇත්තේ ‘සචීස් හෝල්ඩිංග්ස්’ (Sachis Holdings Ltd) සමාගම යටතේ ක්‍රියාත්මක වන ‘කාපෝරියම්’ (Carporium) නම් වාහන අලෙවිසැල මඟින් වන අතර, ඔවුන් විසින් 2024 පෙබරවාරි මාසයේදී ටොයෝටා RAV4 වර්ගයේ රථයක් නවසීලන්ත ඩොලර් 24,000කට අලෙවි කර ඇත.

වාහනය මිලදීගෙන වසරකට වැඩි කාලයකට පසු සිදුකළ නියමිත සේවා වාරයකදී (Scheduled Service), එහි සේවා ඉතිහාස දත්ත සහ ඕඩෝමීටරයේ සටහන් දුර ප්‍රමාණය නොගැලපෙන බව කාර්මික ශිල්පීන් විසින් සොයාගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *