නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා යන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ දී එය සුමට කිරීම සදහා රුපියල් ලක්ෂ 1200 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ අරුණ ශ්‍රී චතුරංග යන අය, මෙවැනිම තවත් අල්ලස් සිද්ධියකට සම්බන්ධ බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි, අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි සහකාර අධ්‍යක්ෂක නීති අනූෂා සම්බන්ධප්පෙරුම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.