ජර්මන් ෂෙපර්ඩ් සුනඛ දේණුව පුච්චා ඝාතනය කල අය පොලිසිය අල්ලයි


නිවසක සුරතලයට ඇති කළ සුනඛ ධේනුවක් ගිනි තබා ඝාතනය කළ ඛේදනීය සිදුවීමක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

ඒ ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයෙන්.

එම ප්‍රදේශයේ නිවසක සුරතලයට ඇති කළ මෙම සුනඛ ධේනුවට අසල්වැසි නිවසක පුද්ගලයෙක් මෙලෙස ගිනිතබා ඇති බවයි වාර්තා වෙන්නේ.

අත්අඩංගුවට පත් පුද්ගලයාගේ නිවසේ ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සුනඛයන් සිටින අතර එම සුනඛයන් සමඟ මෙම සුනඛ ධේනුව හැසිරුණැයි උරණ වීම හේතුවෙන් ඔහු මෙම අපරාධය සිදුකර ඇති බවයි සදහන් වෙන්නේ.

ගිනි තැබීමෙන් දැඩිලෙස පිළිස්සුම් තුවාල ලැබූ සුනඛයා සත්ව රෝහලට ඇතුළත් කරන අතරතුර ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සැකකරු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකොට ඇති අතර සිදුවීම පිළිබඳ යක්කල පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *