දුම් නොගැසූ දුම්කොළ සහිත බුලත් විට අලෙවි කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි ලෙස නිතීය ක්‍රියාත්මක කරයි

දුම් නොගැසූ දුම්කොළ සහිත බුලත් විට අලෙවි කරන පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේදී දැඩි ලෙස නීතිමය පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ වැඩ බලන සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

2006 අංක 27 දරන දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ අධිකාරි පනතේ 2016 සැප්තැම්බර් මස නිකුත් කළ ගැසට් පත්‍රයට අනුව මෙරට තුළ දුම් නොගැසූ දුම්කොළ නිෂ්පාදන අලෙවි කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. මෙරට වාර්ෂිකව මුඛ පිළිකා රෝගීන් 1,750ත් 1,900ත් අතර ප්‍රමාණයක් හඳුනා ගැනීම හේතුවෙන්, ජනතාව එම අවදානමින් මුදාගැනීම සඳහා මෙතෙක් දැනුවත් කිරීම් පමණක් සිදුකළ මෙම නීතිය ඉදිරියේදී සක්‍රීයව ක්‍රියාත්මක කරන බව හෙතෙම සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *