සජිත්,රනිල්,නාමල්,දිලිත් ඇතුළු විපක්ෂයේ නායකයින්ගේ විශේෂ සාකච්ඡාව ඇරඹෙයි

රනිල්, සජිත් එක ළඟ වාඩි වී ආණ්ඩුවට රතු එළි පෙන්වන විපක්ෂයේ නියෝජිතයින්ගේ විශේෂ සාකච්ඡාව ඇරඹෙයි

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ රජයේ යෝජනාව පිළිබඳ විපක්ෂයේ පක්ෂනායකයින් පවත්වන විශේෂ සාකච්ඡාව මේ වනවිට කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වෙයි.

සාකච්ඡාවට එක්වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සර්ව ජන බලයේ නායක දිලිත් ජයවීර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු විපක්ෂයේ නියෝජිතයින් රැසක් විපක්ෂ නායක කාර්යාලය වෙත පැමිණ සිටී.

මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආරාධනයකට අනුවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *