කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය හා ඖෂධ සම්බන්ධයෙන් පෞද්ගලික රෝහල් සහ රසායනාගාර 23 කට අධිකරණය හමුවේ නඩු පැවරීමෙන් රුපියල් පනස් හත් ලක්ෂ අනූඅට දහසක දඩ නියම කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම සහ පාරිභෝගික අයිතිවාසිකම් තහවුරු කිරීමේ අරමුණින් දිවයින පුරා පිහිටි පෞද්ගලික රෝහල්, වෛද්‍ය රසායනාගාර සහ ඖෂධසල් ඉලක්ක කරගනිමින් විශේෂ විමර්ශන හා වැටලීම් මාලාවක් සිදු කර තිබුණි.
මෙම විමර්ශනවලදී මහජනතාවගේ ජීවිත හා සෞඛ්‍ය ආරක්ෂාවට අහිතකර ලෙස බලපෑ හැකි බරපතළ අක්රමකිතා රැසක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරින් විසින් අනාවරණය කරගෙන ඇත.
මෙම විශේෂ විමර්ශන හා වැටලීම්වලදී ප්‍රධාන වශයෙන් පහත සඳහන් වැරදි අනාවරණය වී තිබේ.
රෝග විනිශ්චය සහ වෛද්‍ය පරීක්ෂණ සඳහා යොදාගන්නා කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය භාවිතයට ගැනීම සඳහා භාවිතයට සූදානම් කර තබා ගැනීම, කල් ඉකුත් වූ ඖෂධ වර්ග රෝගී සත්කාර සඳහා භාවිතයට තබා ගැනීම සහ පාරිභෝගිකයන්ට අලෙවි කිරීම, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නියම කර ඇති උපරිම මිල ගණන් ඉක්මවා රසායනාගාර පරීක්ෂණ සඳහා ගාස්තු අය කිරීම, කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය, කල් ඉකුත් නොවූ රසායනික ද්‍රව්‍ය සමග වෙන් කිරීමකින් තොරව එකම ස්ථානයක
ගබඩා කර තැබීම.