ගම්පහට ජාතික රෝහලක් සහ ළමා රෝහලක් හදන්න තීරණය කරයි

රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජාතික සහ ළමා රෝහලක් ස්ථාපනය කිරීමට සැලසුම් කර තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කය තුළ සිදු වන අධික ජනගහන වර්ධනය සහ කාර්මීකරණයට සමගාමීව එම දිස්ත්‍රික්කය ප්‍රධාන සේවා සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරනු ලබයි.

ඒ හේතුවෙන් සෞඛ්‍ය සේවා සඳහා වන ඉල්ලුම ඉහළ යමින් පවතින අතර ඒකී ඉල්ලුම සපුරාලීම සඳහා ජාතික රෝහලක් සහ ළමා රෝහලක් ස්ථාපනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත.

ඒ සඳහා බියගම උතුර ග්‍රමා නිලධාරී වසමේ පිහිටි අක්කර 7යි රූඩ් 3ක් වන ඉඩම් කොටස් දෙකක් අත්කර ගෙන මූලික යටිතල පහසුකම් සැලීමෙන් අනතුරුව යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට එලෙස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *