මහින්දගේ ගෙදර විදුලිය නොකපා මගේ ගෙදර විදුලිය කැපුවේ ඇයි – පාරිභෝගිකයෙකුගේ පෙත්සම විභාගයට දින නියම කරයි

2019 වසරේදී වීරකැටියේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවසේ පැවති ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවය සඳහා භාවිත කළ විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු ගාස්තු ගෙවීම පැහැර හැරීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම දෙසැම්බර් මස 4 වන දා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූලි 24) දින නියම කළේ ය.

මෙම පෙත්සම ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සම්පත් අබේකෝන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබී ය.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල ලංකා විදුලි බල මණ්ඩලය මේ වන විට ප්‍රතිව්‍යුහගත කරණයකට ලක්වී ඇති බැවින් ඊට අදාළ අනුප්‍රාප්තික සමාගම මෙම පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කිරීමට පෙත්සම්කාර පාර්ශ්වයට අවසර ලබා දුන්නේ ය.

ඉන් අනතුරුව මෙම පෙත්සම දෙසැම්බර් මස 04 වන දා විභාගයට ගැනීමට අධිකරණය දින නියම කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *