ගම්මාන රැසක් භීතියට පත් කරමින් සපා කන උග්‍ර විෂ සහිත කුහුඹු විශේෂයක් මතු වෙයි

ගම්මාන රැසක් භීතියට පත් කරමින් සපා කන උග්‍ර විෂ සහිත කුහුඹු විශේෂයක් මතු වෙයි

ගම්වාසීන් පෙන්වා දෙන්නේ ගම්මිරිස්, පොල්, පුවක් ආදී ගස්වල මෙම කුහුඹුවන් ගොටු බඳින බැවින් අස්වනු නෙළන අවස්ථාවේදී එම කුහුඹුවන්ගේ සපාකෑම්වලට ලක්ව තමන් චර්ම රෝගවලට ද ගොදුරු වන බවයි.

කොඩයා නමැති මෙම කුහුඹු විශේෂය හේතුවෙන් ඌවපරණගම – බඹරපාන, කන්දේකුඹුර, හළාඹ, මැදි පොකුණ ආදී ගම්මාන කිහිපයකට බලපෑම් එල්ල වී තිබෙනවා.

දේශීය වෛද්‍ය බී.එම්.කේ. බස්නායක ප්‍රකාශ කළේ මෙම කුහුඹු විශේෂය උග්‍ර විෂ සහිත බවයි.

ගම්මිරිස්, පොල්, පුවක් ඇතුළු බෝගයන්හි අස්වනු නෙළීමේදී මෙම කුහුඹු විශේෂය දෂ්ට කිරීම හේතුවෙන් ජනතාව චර්ම රෝගයන්ට ද ගොදුරු වී තිබෙනවා.‍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *