උපරිම පාලන මිලට වඩා සහල් අලෙවි කළ කසාගල ග්‍රීන් සුපර් ආයතනයට ලක්ෂ 05ක දඩයක් පනවයි

දේශීය නාඩු සහල් සඳහා රජය විසින් නියම කර තිබූ උපරිම සිල්ලර මිල (පාලන මිල) වන රුපියල් 230/- ඉක්මවා සහල් අලෙවි කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ නීතිරීති සහ විධානයන් උල්ලංඝනය කළ ගම්පොළ, රෝහල් පාරේ පිහිටි ‘කසාගල ග්‍රීන් සුපර් පුද්ගලික සමාගම’ (Kasagala Green Super Pvt Ltd) ආයතනයට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මහනුවර දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් 2026.06.23 දින සිදුකළ වැටලීමකදී, මෙම සුපිරි වෙළඳසැල තුළ රුපියල් 230/- ක පාලන මිල පැවති දේශීය නාඩු සහල් කිලෝවක් රුපියල් 240/- ක වැඩි මිලට පාරිභෝගිකයින්ට අලෙවි කිරීමේ චෝදනාව අනාවරණය කරගනු ලැබුවා.

පසුගිය 14 වන දින මෙම නඩුව ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, අදාළ චෝදනාවට වරද පිළිගත් බැවින් විත්තිකාර සමාගමට රුපියල් 500,000/- ක දඩ මුදලක් නියම කිරීමට ගරු අධිකරණය පියවර ගත්තා.

පාලන මිල ඉක්මවා, බාල ප්‍රමිතියේ හෝ කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳුන් පිළිබඳව කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ වහාම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන්න.

Source : News19

Leave a Reply

Your email address will not be published. Required fields are marked *