මාතර අධිකරණය මගින් පැනවූ නඩුවකට පෙනී නොසිටීම නිසා දැනට ඇමරිකාවේ පසුවෙන හිටපු ඇමැතිවරයකු වන වරෙන්තු ලැබූ
බැසිල් රාජපක්ෂ මහතා යළි මෙරටට ගෙන්විය හැක්කේ ඇමරිකාවේ අධිකරණ නියෝගයක් අනුව බව හිටපු අධිකරණ ඇමැතිවරයකු වන අලි සබ්රි මහතා පැවසීය.
බැසිල් රාජපක්ෂ මහතා මෙරටට ගෙන්වීම සඳහා රජය ජාත්‍යන්තර මට්ටමින් කතාබහක් කරගෙන යන බවට ලැබෙන තොරතුරු මත අප කළ විමසීමකට පිළිතුරු දෙමින් හෙතෙම එසේ පැවසීය.
අලි සබ්රි මහතා මෙසේද පැවසීය. බැසිල් රාජපක්ෂ මහතා මෙහි ගෙන්වා ගැනීමට හැකිකමක් තිබෙනවා. ඒත් ඒක ලේසි පහසු කරුණක් නොවෙයි. එය ඇමරිකා අධිකරණයට යොමුකර අවශ්‍ය පියවර ගතයුතුයි. මේ අතර ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රකාශකයෙක් පැවසුවේ බැසිල් රාජපක්ෂ මහතා මෙහි ගෙන්වා ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සම්පූර්ණ සහයෝගය ලබාගෙන රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡාවක් සිදුකර ඔහු මෙහි ගෙන්වා ගැනීමට ක්‍රියාකරනු බවය.
බැසිල් රාජපක්ෂ මහතා මාතර ප්‍රදේශයේ අක්කර 1 1/2ක ඉඩමක් අයථා ලෙස උපයාගත් මුදලකින් මිලදී ගත් බවට මාතර අධිකරණයේ පැවති නඩුවකට ඉදිරිපත් නොවීම නිසා මෙම වරෙන්තුව ඔහුට නිකුත් කර තිබුණි.